වැටුප් වැඩි කිරීම ගැන සුබ ආරංචියක්...තෙල් මිලත් අඩු කරයි..
රටට හොඳ තත්ත්වයන් පැවතුනහොත් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් මේ වසරේ අවසානයට පෙර සිදුවනු ඇති බවට තමන්ට විශ්වාසයෙන් යුතුව කිව හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කළේ, බෙලිඅත්ත, සිටිනාමළුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට ඊයේ (18) දිනයේ එක්වෙමින්.
මේ අතර අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වසර අවසානයට පෙර තවත් අවස්ථාවක හෝ දෙකක දී ඉන්ධන මිල ද අඩුවිය හැකි බවයි.
එමෙන්ම ගොවි ජනතාව අවශ්‍ය පොහොරවල මිල වැඩිවීමක් නොව අඩුවීමක් බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.
මේ අතර දූෂණ විරෝධී පනත ලබන පාර්ලිමේන්තු වාරයේ දී ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර ඉන්ධන මිල සංශෝධනය කරන දිනයද වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර මාසයේ පළමුවනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් අවසන් වරට මිල සංශෝධනයේදී දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබුණේ ප්‍රමාණවත් පරිදි තෙල් තොග පිරවුම්හල් හිමියන් විසින් තොග නොපවත්වා ගැනීම හේතුවෙන්.
ඊට හේතුවූයේ ඉන්ධන මිල සංශෝධනය කරන බැවින් පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් නොකිරීමයි.
එලෙස අවම වශයෙන් ඉන්ධන තොග පවත්වා නොගත් පිරවුම්හල් කිහිපයක බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගන්නාබවයි විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී ප්‍රකාශ කළේ.
මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 41 ක ලාභයක් උපයාගැනීමටද සමත්වී තිබෙනවා.