සක්විතිට එරෙහි නඩුව ගැන තීරණයක්..

Sri Lanka Police Sri Lanka
By Sithumi May 18, 2023 10:10 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ මහාධිකරණය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා දින නියම කළේය.

අද (18) මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ නඩුව ජුලි මස 19 වනදා විභාගයට ගන්නා බවය.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනකු මීට පෙර නීතිපති උපදෙස් මත නිදහස් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 





ReeCha