ජනතාවගේ බදු වැඩි නොකර බදු අය කරගන්න ක්‍රමයක් ගැන විපක්ෂ නායකවරයා කියයි...
අගය මත පැනවූ බදු (වැට් බදු) සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් ප්‍රතිගාමී බදු වැඩි කිරීම තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් මෙසේ රජය ගත් තීන්දු තීරණ තුළ රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා ඊයේ (31) ප්‍රකාශයක් සිදු කළා.
රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත්ව වැඩි කිරීමට රජයට නොහැකි වි ඇති මොහොතක රජය බදු ගෙවන්නන්ගෙන් ගත හැකි උපරිම බදු ලබා ගැනීමත් ප්‍රගතිශීලී බදු සහ ප්‍රතිගාමී බදු වැඩි කර තමන්ගේ නොහැකියාව තුළ රජයට අහිමිවන ආදායම කෙසේ හෝ රටේ ජනතාවගේ කරපිට පටවා අය කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
වත්මන් රජය බදු පරිපාලනයේ වෙනසක් සිදු නොකරන බවත් බදු පරිපාලනය ඩිජිටල්කරණය, නවීකරණය හා යාවත්කාලින කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් බදු පැහැර හරින කණ්ඩායමවලට රජය කිසිදු පියවරක් නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් විද්‍යාත්මක නොවන අක්‍රමවත් ලෙස බදු සහන ලබා දීම තුළින් පවා රජය රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් මෙම අංශ 3න්ම බදු අය නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට වැට් බද්ද සියයට 18ක් කර සාමාන්‍ය ජනතාවගේ බදු බර වැඩි කිරිම නිහීන පහත් ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
එසේ ම වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා ප්‍රශ්න කර සිටින බවත් රටේ ජනතාවගේ බාරකරුවන් ලෙස මෙවැනි තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් මෙවැනි තීන්දු තීරණ ගෙන ඇත්තේ රටම ප්‍රතික්ෂේප කරන තාවකාලික සීමාසහිත මන්ත්‍රීවරුන්ගේ වරමින් බිහි වූ ජනාධිපතිවරයෙක් බැවින් මෙසේ අසීමිත ලෙස බදු බර පැටවීම අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
