සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක් [VIDEO]

Report

සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (23) දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පවසනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවත්, සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලබාදී නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළා.

අද පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථා ඉල්ලා සිටියද ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

එසේ තිබියදී ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයන් සමාජ මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය භාවිත කරමින් විවිධ ප්‍රකාශ සිදුකරන බවට ද උන්වහන්සේ චෝදනා කළා.

නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි

නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි

එමෙන්ම, රාජ්‍ය සේවයේ විවිධ අංශ සඳහා වැටුප් වැඩිවීම් සහ දීමනා ලබාදීමට රජය පියවර ගෙන ඇති නමුත් සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කළ යුතු බව ද උන්වහන්සේ ප්‍රශ්න කළා.

පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් හෝ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නොමැති බව සඳහන් කළ උන්වහන්සේ, අනෙකුත් රාජ්‍ය සේවාවන්හි සේවකයන්ගේ ඉල්ලීම් ද සමානව සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කළා.

පොලිස් සේවකයන් සඳහා රුපියල් 100,000ක වැඩිවීමක් ලබාදීමට කටයුතු කර ඇති බවත්, සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 700ක පමණ වැඩිවීමක් පමණක් ලැබී ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

නිවසේ වහල මත සූර්ය විදුලි පද්ධති සවිකරන අයට රුපියල් 250,000ක් දක්වා දැවැන්ත බැටරි සහනාධාරයක්

නිවසේ වහල මත සූර්ය විදුලි පද්ධති සවිකරන අයට රුපියල් 250,000ක් දක්වා දැවැන්ත බැටරි සහනාධාරයක්

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන ලෙස ද ඉල්ලා සිටියා. තවද, භාණ්ඩාගාරයේ මුදල් නොමැතිවීම හේතුවෙන් සියලු සේවකයන්ට දීමනා ලබාදිය නොහැකි බවට මතයක් ගොඩනඟමින් සිටින බව පැවසූ උන්වහන්සේ, ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමේදී මෙරට ආර්ථිකය ස්ථාවර වී ඇති බව ප්‍රකාශ කළ බව ද සිහිපත් කළා.

ඉන්ධන සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හමුවේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩකරන ජනතාවට අමතර ආර්ථික පීඩනයක් එල්ල වී ඇති බැවින් අවම වශයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදිය යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බවට ද උන්වහන්සේ අනතුරු ඇඟවූවා.

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්