උපරිම උත්සහාය දරලා GSP+ සහනය අපි රැක ගන්න ඕනේ - සජිත් ප්‍රේමදාස
GSP+ බදු සහනය රැක ගැනීම සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ජී.එස්.පී ප්ලස් බදු සහනය මෙරට අපනයන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සාධකයක් බවය.
නිදහස් වෙළෙඳ කළාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය.
"GSP+ සහනය කියන්නේ අපේ රටට අතිශයෙන්ම වැදගත් සහනයක් හැබැයි මේ GSP+ සහනය කොන්දේසි සහිතව ක්‍රියාත්මක වෙන්නේ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙන්නේ ඕනේ, යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වෙන්නේ ඕනේ, සංහිඳියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ වගේම පරිසර කේන්ද්‍රය කොන්දේසි ගණාවක් තියෙනවා. මේ මානව අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ඇතුළු මේ ප්‍රඥප්තීන් ටික අනුගමනය කිරීමට රජය අපොහොසත් වෙනවානම් ජී.එස්.පී ප්ලස් එකත් අපිට අහිමි වෙනවා.
GSP+ සහනය අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ මාසය අවසානයේ දූත කණ්ඩායම පැමිණෙනකොට උපරිම උත්සහාය දරලා GSP+ සහනය අපි රැක ගන්න ඕනේ. එහෙම නැතිනම් අපේ අපනයන ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය ලොකු අමාරුවක වැටෙනවා ඒ වගේම ඒ සහනය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අපිට සිදු වෙනවා සපුරාලන්න ඕනේ කොන්දේසි පිළිබඳවා අපේ ස්ථාවරය ඉදිරිපත් කරන්න."
[7QVUTQR]
[F2BL4XS]
