මේ ඔබතුමිය කිස් කරන පින්තූරයකුත් තියෙනවා.. පව්නේ ඉතින් මන් අගමැතිනියට විරුද්ධව එහෙම පෙන්නන්න හොඳ නෑ - උම්මා ප්‍රශ්නෙකින් මැති සබේ ඇවිලෙයි

Report

අද(13) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට 60%ක් දුප්පත් බවට ලෝක බැංකුවෙන් සඳහන් කරන බව කියා සිටියා.

"බලන්න දැන් ඔබතුමන්ලා සිප වැළඳ ගන්න ආයතන කීපයක් තියෙනවානේ. imf එක බදා ගන්නවා උම්මා දෙනවා, ලෝක බැංකුව බදා ගන්නවා උම්මා දෙනවා, ආසියානු සංවරධන බැංකුව බදා ගන්නවා උම්මා දෙනවා. දැන් ඔබතුමන්ලා උම්මා දෙන ලෝක බැංකුව මොකක්ද කියන්නේ දුප්පත්කම ගැන.. ඒ සිප වැළඳ ගන්න ලෝක බැංකුව කියනවා 2025 දුප්පත්කම 61.1% යි. ලෝක බැංකුව කියනවා අපේ රටේ 60% ක් දුප්පත් කියලා. හැබැයි ඔබතුමන්ලා.. ඇත්තටම මේකට ඔබතුමන්ලා වගේ ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් වගකියන්න ඕන.."

''පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා අණ්ඩු පෙරළන්න බැහැ '' - ජනපතිගෙන් විපක්ෂයට සැර ප්‍රහාරයක්

''පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා අණ්ඩු පෙරළන්න බැහැ '' - ජනපතිගෙන් විපක්ෂයට සැර ප්‍රහාරයක්

මෙම අදහස් දක්වන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් විපක්ෂ නායකවරයා අතට පින්තූරයක් දුන් අතර එ‍ය පෙන්වමින් ඔහු සඳහන් කළේ,

" පව්නේ ඉතින් මන් අගමැතිනියට විරුද්ධව එහෙම පෙන්නන්න හොඳ නෑනේ. මේ ඔබතුමිය කිස් කරන පින්තූරයකුත් තියෙනවා. කමක් නෑ ඒක සාමාන්‍ය ආචාර කිරීමක්." යනුවෙන්.

කෙසේ වෙතත් පසුව තමාට එම පින්තූරය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ද ඔහු,

"මොනවද ඔයා මට දුන්නේ පෙන්නන්න මේ. එහෙම කරන්න එපා" යනුවෙන් කියා සිටි අතර සබය තුළ එහිදී යම් අදහස් දැක්වීම් කිහිපයක් ඇති විය.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න