''පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා අණ්ඩු පෙරළන්න බැහැ '' - ජනපතිගෙන් විපක්ෂයට සැර ප්‍රහාරයක්

Report

දේශපාලනය කළ යුත්තේ මිථ්‍යා විශ්වාස සහ පසුගාමී චින්තනය මත පිහිටා නොව, ප්‍රගතිශීලී මතවාද, බුද්ධිමත් තීරණ සහ අනාගතයට ගැළපෙන ප්‍රතිපත්ති ඔස්සේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මිථ්‍යා විශ්වාසවල එල්බගෙන දේශපාලනය කරනවා වෙනුවට ජනතාව අතරට ගොස් සැබෑ දේශපාලන කාර්යභාරය ඉටුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2027 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (12) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, 

''ලෝකයේ ආණ්ඩු පෙරළන්නේ ප්‍රගතිශීලී මතවාදී විප්ලවයන්ගෙන්, ජනතාවගෙන්, බුද්ධිමත් තීරණවලින් සහ අනාගතයට ගැළපෙන දියුණු ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළවලින්. හැබැයි ප්‍රතිපක්ෂයේ සමහර අය තවමත් මිථ්‍යා මතවාදවල එල්බගෙන පසුගාමී චින්තනයෙන් මිදෙන්නට නොහැකිව තිබෙනවා. දේශපාලනය කරන්න ඕනෑ මහ පොළොවේ ජනතාව අතරට ගිහින් මිසක් රාත්‍රියට සොහොන් පිටිවල නූල් බැඳලා නෙවෙයි. පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා නෙවෙයි. හොඳට තේරුම් ගන්න දේශපාලනය කරන තැන කොතැනද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට වදාළ කිසිවක් අන්ධ ලෙස පිළි නොගෙන නුවණින් විමසිය යුතු බවට පෙන්වා දුන් කාලාම සූත්‍රය කියවලා අන්ධ විශ්වාසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කළ විප්ලවය තේරුම් ගන්න. මිථ්‍යාවට එරෙහිව බුදුහිමි දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය හා බොරු මන්ත්‍රවලට එරෙහිව දේශනා කළ කේවට්ට සූත්‍රය කියවලා බුදුහිමි කළ මතවාදී විප්ලවය තේරුම් ගන්න. ගඟක අනිත් කෙළවරට යන්න මේ කෙළවරේ සිටින මිනිසෙක් පිහිනන්නේ නැතුව හෝ ඔරුවක් පාවිච්චි කරන්නේ නැතුව අනිත් කෙළවරට මෙහාට වරෙන්, මෙහාට වරෙන් කිව්වට එන්නේ නෑ. අනෙක් ඉවුරට ප්‍රාර්ථනා කළොත් ඉවුර මෙහාට එයිද කියලත් තේවිච්ඡ සූත්‍රයේ බුදුහිමි විමසනවා. ඒවා තේරුම් ගන්න. ගරු කථානායකතුමනි, අපේ මාතෘභූමිය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ අප ඉතා පැහැදිලි ප්‍රගතිශීලී සහ අභිමානවත් සිහිනයක්. අපේ බලාපොරොත්තුව මේ රට නිකම්ම නිකම් දූපතක් නෙවෙයි. දැනුමෙන්, කුසලතාවෙන් සහ නූතන තාක්ෂණයෙන් පිරිපුන් ආසියාවේ විතරක් නෙවෙයි, ලෝකයේම දියුණුතම රට බවට පරිවර්තනය කිරීමයි. අද අපි ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. රටේ ඉන්න අපේ තරුණ පරපුරට, අපේ දරුවන්ට නූතන තාක්ෂණය, විද්‍යාව සහ ගෝලීය දැනුම ලබා දෙමින් ඔවුන්ව පූර්ණ කුසලතාවෙන් පිරිපුන් දියුණු පුරවැසියන් බවට පත් කිරීමේ පරිවර්තනය අපි ආරම්භ කරලා තිබෙනවා.''

IMF සමඟ යළි ගිවිසුමකට යනවාද? - මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

IMF සමඟ යළි ගිවිසුමකට යනවාද? - මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

අද සිට වියළි හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට දාපු බදු පහළට

අද සිට වියළි හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට දාපු බදු පහළට