රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමියට වෙළෙඳ ප්‍රජාවට ඇතුළුවීම තහනම් කෙරේ - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නියෝගයක්

Report

 අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමිය වෙළෙඳ ප්‍රජාවට තහනම් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝගයක් පනවා ඇත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් කිහිපනමක් විසින් අදාළ භූමියේ සත්‍යග්‍රහයක් පවත්වනු ලැබීමෙන් අනතුරුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ .

මේ වනවිට එම භූමියේ සීමා මායිම් ලකුණු කරමින් පවතින අතර, එම ස්ථානය වටා දැනුම්දීම් පුවරු සවිකර ඇතුළුවීම තහනම් කලාපයක් බවට පත් කර ඇත කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම තීරණයට වෙළෙඳ ප්‍රජාව විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෙම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරත වූ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් සහ ශාසනයෙන් නෙරපන ලදැයි පැවසෙන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු ගිහි පිරිසක් අතර ඊයේ (12) ගැටුමක් ඇතිවිය එම ගැටුමෙන් පසු පොලිසිය විසින් කස්සප හිමි ඇතුළු පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත  .

මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්