''අවුරුදු ගාණකින් කතාවත් කරලා නැති කෙනෙක් එක්ක මාව පටලවලා '' පැතිරුණු කටකතාවලට අභිලාෂි නිහඬතාවය බිඳී
පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ කතාවුණ මාතෘකාවක් වූයේ අකිල ධනුද්දර සහ රංගන ශිල්පිනී අභිලාශි ගැන සමාජයේ ඇති වූ කතා බහයි .
ඉතිං මේ දෙන්නා ගැන විවිධ කතා සමාජ මාධ්‍යයේ මැවුණා .
ගොඩක් දෙනෙක් විවිධ කතා ගොතලා තිබුණා . ටික කාලයක් නිහඩව සිටි අබිලාශි සිය නිළ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන කතා කරලා තිබුණා
ඇය සමාජ මාධ්‍ය සටහනක් දාල තියනවා ඇය සදහන් කර තිබුණේ මෙවන් අදාහසක්
පසුගිය මාසයකටත් වැඩි කාලයක් තිස්සේ මම ඉවසීමෙන් බලාගෙන හිටියා, මට කිසිම සම්බන්ධයක් නැති සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් සමාජ මාධ්‍යවල පැතිරෙන විදිහ. මුලින්ම මම නිහඬව ඉන්න තීරණය කළේ හැම දේකටම එකපාරට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ කියලා හිතපු නිසා. නමුත් දැන් මගේ ඉවසීම සහ නිහඬතාවය වැරදි විදිහට තේරුම් අරගෙන,මෙය සත්‍යක් යැයි සිතා සිටින බව මට දැනෙනවා. ඒ වගේම මට ආදරය කරන,ආදරණීයන් කිහිපදෙනෙක්ම මේ ගැන මොනවා හරි සදහනක් කරන්න කියලා මගෙන් ඉල්ලා සිටියා. මොකද මම නිහඬව හිටියොත්,මෙය සත්‍යද අසත්‍යද යන්න කිසිවකු නොදන්න නිසා. ඒ නිසා අද මගේ නිහඬතාවය බිඳලා මගේ පැත්තෙන් මේ ගැන සටහනක් තබන්න තීරණය කළා. මේ හැමදේටම වඩා මම අද කතා කරන්න තීරණය කළේ මගේ ආදරණීය අම්මයි තාත්තයි නිසා. මාව ගොඩක් ආදරෙන් හදලා, කාගෙවත් හිතක් රිද්දන්නේ නැතුව ජීවත් වෙන්න ඔවුන් මට කියලා දුන්න.තවත් කිසිම දුවකට හෝ අම්මා තාත්තා කෙනෙකුට මේ වගේ බොරු කතා නිසා දුකක් දැනෙන්න නොලැබේවා කියන එක ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. මගේ ජීවිතේ වගේම මගේ වෘත්තීය ජීවිතේදිත් මම හැමදාම උත්සාහ කළේ කාගෙවත් හිත රිද්දන්නේ නැතුව වැඩ කරන්න. රංගන ශිල්පිනියක් විදිහට වෘත්තීයභාවය, ගෞරවය සහ සීමාවන් මම ගොඩක් වැදගත් කොට සලකනවා.
''ආගමික හෝ ජාතික බෙදීම් ඇති නොකර, සාමය, සහජීවනය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් '' -අනුරාධපුර සිද්ධිය ගැන ජනප්‍රිය නළු හේමාල් රණසිංහ තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න
මේ කතාවේ තියෙන පුදුම සහගතම, ඒ වගේම කනගාටුදායකම දේ තමයි, මේ අසත්‍ය ප්රචාරයට සම්බන්ධ කරගෙන තියෙන්නේ මම අවුරුදු ගාණකින් හමු වෙලාවත් නැති, පෞද්ගලිකව කතාබහක්වත් නැති කෙනෙක් වීම. දැන් නැවතත් ප්‍රචාරය වෙන පරණ ප්‍රවර්ධන වීඩියෝ ගැනත් පැහැදිලි කරන්න ඕන. ඒ චිත්‍රපටය රූගත කරනකොට මට වයස අවුරුදු 17යි. මම කළේ ප්‍රවර්ධන කණ්ඩායමේ උපදෙස් අනුව වෘත්තීයමය සීමාවන් ඇතුළේ කටයුතු කරන එක විතරයි. මේ අත්දැකීමේන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මම දන්නවා සමාජ මාධ්‍ය කියන්නේ විවිධ අදහස්, කතාබහ සහ විනෝදාස්වාදය බෙදාගන්න තැනක් කියලා. නමුත් සමහර වෙලාවට අපි විනෝදයට හෝ තවත් කෙනෙක් එක්ක බෙදාගන්නා දෙයක්, තවත් කෙනෙක්ගේ ජීවිතයට කොච්චර බලපානවද කියලා අපිට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. යමක් පළ කරන්න කලින් හෝ තවත් කෙනෙක් එක්ක බෙදාගන්න කලින්, ඒ ගැන අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන! එකිනෙකා ගැන තව ටිකක් අවබෝධයෙන් සහ කරුණාවෙන් බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මා පිළිබදව මේ වගේ අසත්‍ය ප්‍රචාර යම් කිසි සමාජ මාධ්‍ය පිටුවකින් නැරඹුම් ප්‍රමාණය වැඩි කරගැනීමේ අරමුණින් තවදුරටත් පළ කරනවා නම්, ඒ වෙනුවෙන් සුදුසු සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මට සිදුවනවා! මේ හැම දෙයක්ම අතරේ මාව විශ්වාස කරලා, මට ආදරය සහ අවබෝධය දුන්න මගේ ආදරණීය රසික රසිකාවියන් හැමෝටම හදවතින්ම ස්තූතියි. ඔයාලගේ ආදරය සහ සහයෝගය මට ගොඩක් වටිනවා. අපි හැමෝම සමාජ මාධ්‍යවල විවිධ දේවල් දකිනවා, අහනවා, බෙදාගන්නවා. ඒත් ඒ හැම දෙයක්ම ඇත්තද කියලා පොඩ්ඩක් හිතලා බලන එක වැදගත් කියලා මං හිතනවා❤️
ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි
විශේෂයෙන්ම තවත් කෙනෙකු සම්බන්ධ දෙයක් නම්, ඒ ගැන තීරණයකට එන්න කලින් ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්න අවශ්‍යයි. මොකද අපිට සමහර වෙලාවට Views වෙනුවෙන් හෝ විනෝදයට බෙදාගන්න පුංචි දෙයක් වුණත්, ඒක තවත් කෙනෙක්ට වේදනාවක් වෙන්න පුළුවන්. අපි හැමෝම එකිනෙකාගේ ජීවිතවලට තව ටිකක් ආදරයෙන්, කරුණාවෙන් සහ අවබෝධයෙන් බලන්න පුරුදු වෙමු. හැමෝටම ආදරෙයි. ❤️