ජනපතිවරයා ජනතාවට හිමි සහනත් අහිමි කරලා..මොකක්ද මේ ඒ ගමන කියන අලුත් කතාව..
සජිත් ප්‍රේමදාස පවසන්නේ, වර්තමානයේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම තුළ අන්ත අසරණ වී ඇති බවත් වේදිකාවක් වේදිකාවක් පාසා බඩුමිල, ආහාර පාන මිල, තෙල් මිල, විදුලි බිල හා බදු බර අඩු කරනවා කිිව්වත් විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක එම පොරොන්දු ඉටු නොකර ඇති බවත් රටේ ජනතාවට හිමි සහන අහිමි කර ඇති බවත්ය.
කැස්බෑවේ පැවැති ජන හමුවකදී, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියා.
මෙරට දුක්විදින ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන තැනට පත් කළ යුතු බවත් මොවුන් පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණින් පුරවිය යුතු බවත් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කළ යුතු මොහොතක මාලිමාව ඉල්ලන මේ ජන වරම හරහා ඉතුරු පොරොනදු පවා අමතක කරන බවද ඔහු සඳහන් කළා.
විදුලි බිල 33%කින් අඩු කිරීම, දූෂණ වංචා අක්‍රමිකතා නැති කර තෙල් මිල සුත්‍රය නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් ජනාධිපතිවරයා තෙල් මිල සුත්‍රයේ වහලකු වී ඇති බවත් බඩු මිල පවා අඩු කරනවා කියු ජනාධිපතිවරයා පොල් ගෙඩි පෝලිම් පවා ඇති කර ඇති බවත් අද වන විට ජනාධිපතිවරයා IMF එකේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
රටේ ඇති කිසිම ප්‍රශ්නයකට විසදුම් ලබා නොදුන් බවත් පාස්පෝට් පෝලිම නැති කළේ ඔන්ලයින් පෝලිමක් ඇති කර බවත් සැම මොහොතකම විසිතුරු වචන ඇස්බැන්දුම් වචන ඉදිරිපත් කර ජනතාව රවටන බවත් මේ තත්ත්වයෙන් ජනතාව බේරා ගැනිමට නම් ජන දුක හදුනන සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.