"..මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්.." විපක්ෂ නායක අද හෙළිකරයි..

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Sri Lankan political crisis Latest Headlines
By Sewvandhi Feb 24, 2024 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (24)ජනහමුවකදී තමා ද දැන් දරුවෙක් ඉන්න පියෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම, මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙල තමන් දියත් කරන බවද ඔහු පැවසීය.

මේ අතර, සමගි ජන බලවේගය සමඟ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා එක්වී තිබේ.

එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ මහතා, එම පක්ෂයේ දුෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඒකක ප්‍රධානියා ලෙස හා සජිත් විපක්ෂ නායකවරයාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක ලෙසද පත්කර තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි.

ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය.

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වූ සමයේ එහි ඉදිරිපෙළ නායිකාවක් ලෙස කටයුතු කළ ඇය පසුව සමගි ජන බලවේගය සමඟ දේශපාලනයට පිවිසුනාය.