බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ - සජිත්ගෙන් සැර කතාවක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව ප්‍රකාශ කරයි. ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

මෙරට පන්සල් පද්ධතිය මේ වනවිට අවදානය නොමැතිව ගරා වැටෙන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කළ බවද සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන පරිදි එමඟින් සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශය පවා ඇති කරමින් ඒ ඒ ආගම් සංස්කෘතීන් සුරක්ෂා කළ විට රට සුරක්ෂිත වී ආගම් ජාති ජන කොට්ඨාස අතර බෙදීම් නැතිව රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරැකෙන බවත් කියාසිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා යම් යම් කොට්ඨාස බුද්ධ ශාසනයට ප්‍රහාර තර්ජන එල්ල කරන බවත් ගිහියන්ට එවැනි තර්ජන අභියෝග කරන්න අයිතියක් නොමැති බවත් අවධාරණය කරයි.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

ඒ අනුව මහා සංඝරත්නයට ඇඟිල්ල දිගු කරන්න අයිතියක් නැති බවත් චීවරයට සම්බුද්ධ ශාසනයට ගරු කරමින් සෙසු ආගම් හා ආගමික නායකයන්ට පවා ගරු කළ යුතු බවත් ඊට අමතරව ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කළ යුතු බවත් එය සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙහිදි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීම සිදුවන බව පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට ආගම දහම ජාතිය කුලය පන්තිය තරාතිරම උපයෝගී කර ගෙන දේශපාලන වාසි නොලැබිය යුතු බවත් ඉන් පෙනී යන්නේ අදාළ පුද්ගලයාගේ නොහැකියාව බවත් දේශපාලනය යනු ජනතා සේවාව සමාජ සංවර්ධනය බවත් යනුවෙනි.

හෙට දවසේ කාලගුණ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හෙට දවසේ කාලගුණ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්