විවාදයට දින 10ක් සමගි ජන බලවේගයෙන් අනුරට දෙයි..ජාතික ජන බලවේගය අභියෝගය භාරගනී..?

Anura Kumara Dissanayaka Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya
By Aruna May 04, 2024 05:33 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වෙමින් ඇති විවාද දෙක සඳහා දින දෙකක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 20 හා 25 අතර දිනයකත් පක්ෂය දෙකේ නායකයන් අතර විවාදය මැයි මස 27 හා 31 අතර දිනකත් පැවැත්වීමට සූදානම් බවයි.

දැනටමත් මේ බව ජාතික ජන බලවේගයට දැනුම් දීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, මෙම විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් පසුගියදා යොමු කළේ ය.

අදාළ විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි, එමගින් දන්වා තිබුණේ.

කෙසේ වෙතත් මීට පෙර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයට අභියෝග කර සිටියේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය ප්‍රථමයෙන් සිදුකළ යුතු බවටයි.

මේ අනුව ජාතික ජන බලවේගය විසින් ලබාදී ඇති දිනයන්ට විවාදය පැවැත්වීමට සමගි ජන බලවේගයට නොහැකි බව මීට පෙර දැනුම් දෙනු ලැබීය.

ජාතික ජන බලවේගය විසින් නම් කළ දිනයන්හි සජිත් ප්‍රේමදාස මහතා කාර්යබහුල බැවින් එම දින 04 යොදාගත නොහැකි බවයි සමගි ජන බලවේග පාර්ශවය පැවසුවේ.

කෙසේවෙතත් විවිධ කරුණුකාරනා කියමින් විවාදය පසුපසට නොදා තවත් පර්ශවයන් වලට භාර නොදී, කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම මහජන නියෝජිතයින් ලෙස දෙපාර්ශවයේ නායකයින් අදාල දිනයක විවාදයට පැමිණෙතැයි ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටියි.