ජනපතිට සහ අගමැතිට සජිත් ගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO)

By Sithumi Jul 03, 2022 05:55 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවට තවදුරටත් රට ඉදිරියට ගෙන යාමට හැකියාවක් නොමැති බවය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය. "මිනිස් ජීවිත අද අනතුරේ මේ රටේ මිනිසුන් විනාශ කරන රට විනාශ කරන මේ දරදඬු රාජපක්ෂ පාලනය අපි පළවා හරින්නට ඕනේ. අපි ඉල්ලීමක් කරනවා. 

ජනාධිපතිවරයාගෙන්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන්, වහාම ඉල්ලා අස්වෙන්න. තවදුරටත් මේ රට විනාශ කරන්න එපා. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ජීවත්වීමේ හැකියාව නැහැ. ඒ නිසා රට ගොඩගන්න මේ රටේ සියලුම ප්‍රගතිශීලි දේශපාලන බලවේග අත්අවැල් බැඳගෙන මේ ගමන ක්‍රියාත්මක කරන්න අපි සූදානම්.

ඒ ගමනට නායකත්වය ලබාදෙන්න අපි සූදානම්. ඒ නිසා රට වනසන මේ පාලනය ගෙදර යවන්න ජනතා අරගලයත් සමග එකතුවෙන්න කියලා මේ රටේ සියලුදෙනාගෙන් අපි ඉල්ලීම් කරනවා."