"අද රටේ තියෙන්නෙ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක්"-රජයට එරෙහිව විපක්ෂ නායක සජිත්ගෙන් සැර ප්‍රහාරයක්
රටේ ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත් ජනතාව රවටා මංමුලා කර අන්දවා බොරු පොරොන්දු ලබා දී රටම රවටා බලය ගත් නිසා රටට සුගතියක් ලබා දීමට නොහැකිව වත්මන් රජය ලතවෙන බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා මේ රජය උදුරාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කර ඇත .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ පූනෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගය සාමාජිකයන් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැති ජන හමුවක් හා එක්වෙමිනි.
අද වන විට ගොවිතැන විනාශ වී ඇති බවත් ගොවිතැන ශක්තිමත් කරනවා කිව්වත් වගා හානියට, දේපල හානියට අලි මිනිස් ගැටුමට විධිමත් විසදුමක් නොමැති බවත් සමස්තයක් ලෙස ජනතාවගේ අයිතිවාසිකම් විනාශ වන යුගයක් අද රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
එතුමා සදහන් කළේ සමාජයේ සිටින තරුණ පරපුරට රැකියා නිර්මාණය කරන නව ව්‍යවසායකයන් නිර්මාණය කරන තරුණයන්ගේ සිහින සැබෑ කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දරු පරපුරට මව් පරපුරට සමාජයේ අවදානම් කොට්ඨාස සුරක්ෂා කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි .
රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයක් අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්න රු. 17000ක් ප්‍රමාණවත් බවට පවසන බවත් මේ සඳහා රජය ද එකඟ වී ඇති බවත් රජය දැන් කටයුතු කරන්නේ මේ දත්ත මත පදනම්ව බවත් රජය දැන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිපත්ති මේ දත්ත මත සකස් කර අස්වැසුම පවා කපා දමන බවත් අද රජයේ ප්‍රතිපත්තිය කප්පාදු කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ .
ජනතාවගේ ගැටලුවලට අද රජයෙන් උත්තර නැති බවත් බලය ගන්න සුරංගනා කතා කිව්වත් ඒ හැමදේම කතාවට පමණක් සීමා වී ඇති බවත් ඇති හැකි සුප්‍රක්‍රට පොහොසතා හැමදාම රජවෙන බවත් ලුම්පන් ධනවාදීන්ට අනුව රටේ නායකයන් හැසිරී කුප්‍රකට කෝටිපතියන්ගේ රූකඩ බවට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සදහන් කර තිබේ