මැද­පෙ­ර­දිග බිහිසුණු යුද­මය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදි­රි­පත් කරලා විදුලි බිල වැඩි කරන්න නින්දිත උත්සහයක් සජිත් හෙළිකරයි

Report

බාල ගල්අ­ඟු­රු­ව­ලින් සිදු­වන පාඩුව, විදුලි බිල වැඩි කර පියවා ගැනී­මට රජය උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සදහන් කර තිබේ.

ඒ වගේම එතුමා සදහන් කළේ සෙන­සු­රාදා දින­යේත් උත්පා­ද­නය කළ යුතු මෙග­වොට් ප්‍රමා­ණය නිප­ද­වී­මට නොරො­ච්චෝල බලා­ගා­ර­යට නොහැකි වූ බවයි.

විපක්ෂ නායකවරයා තව දුරටත් ප්‍රකාශ කළේ 15 වැනිදා ඉරිදා දින ද ලක්වි­ජය නොරො­ච්චෝල බලා­ගා­රයේ නිය­මිත මෙග­වොට් 810 නිප­ද­වී­මට නොහැකි වී ඇති බවයි.

  පළමු ඒක­ක­යෙන් මෙග­වොට් 216ක්, දෙවැනි ඒක­ක­යෙන් මෙග­වොට් 230ක් සහ තෙවැනි ඒක­ක­යෙන් මෙග­වොට් 232ක් උත්පා­ද­නය කර ඇති බවත් 15 ස් වැනිදා දව­සේද මෙග­වොට් 678ක් පම­ණක් නිෂ්පා­ද­නය කර ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

 මෙයට හේතුව ඉති­හා­සයේ ප්‍රථම වතා­වට වත්මන් රජය බාල ගල්අ­ඟුරු යෙද­වීම එතුමා සදහන් කර තිබේ.

මේ බාල ගල්අ­ඟුරු නිසා නිප­ද­වන මෙග­වොට් ප්‍රමා­ණය අඩු­වන විට ඉන්ධන බලා­ගාර හරහා විදු­ලිය නිප­ද­වි­මට සිදු­වන බවද විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

තවද එතුමා පෙන්වා දුන්නේ ඉන්ධන බලා­ගාර හරහා විදු­ලිය නිෂ්පා­ද­නය කරන විට නිෂ්පා­දන පිරි­වැය වැඩි වී ඒ පිරි­වැය විදුලි පාරි­භෝ­ගි­ක­යා­ගෙන් අය කර ගැනී­මට රජය කට­යුතු කරන නිසාත්, එවිට විදුලි ඒක­ක­යට අය කරන මුදල වැඩි කිරී­මට සිදු­වන බවයි

මෙහි අව­සාන ප්‍රති­ඵ­ලය වන්නේ විදුලි බිල වැඩි කර 75ලක්ෂ­යක් විදුලි පාරි­භෝ­ගි­කන්ට එහි බර පැට­වීම බවත් එතුමා සිහිපත් කරයි.

තවද වාර්තා වන ආකා­ර­යට ඉදි­රි­යේදී විදුලි බිල පවා වැඩි වීමට නිය­මිත බව විපක්ෂ නාය­ක­ව­රයා සදහන් කර‍යි .

ඒ වගේම සජිත් ප්‍රේම­දාස මහතා පෙන්වා දුන්නේ මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදි­රි­පත් කර විදුලි බිල වැඩි කිරීමේ නින්දිත දැවැන්ත උත්සා­හ­යක වත්මන් ජනතා විරෝධි රජය ක්‍රියා­ත්මක වන බවයි.

  එබැ­වින් රජය නොරො­ච්චෝල විදුලි බලා­ගා­ර­යට මේ බාල ගල්අ­ඟුරු යෙද­වීම ගැන කරු­ණා­කර රටට සත්‍ය හෙළි­කළ යුතු බව විපක්ෂ නාය­ක­ව­රයා සජිත් ප්‍රේම­දාස තව දුරටත් සදහන් කර තිබේ.

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්