එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාව බේරගන්න විපක්ෂ නායක සජිත් විශේෂඥයන්ගෙන් අදහස් විමසයි

Report

එල්නීනෝ සහ ලානීනා තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මේ අවස්ථාවට මෙට්‍රොපොලිටන් කථිකාචාර්ය ශ්‍රීනාත් ප්‍රනාන්දු, පරිසර විශේෂඥ ආචාර්ය ස්පෙන්සර් විතාරණ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රධාන ආර්ථික නිලධාරී හසිතා වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ පාරිසරික විශේෂඥ නදීර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙහිදී එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව විශේෂඥයන්ගේ අදහස් සහ නිර්දේශ ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා, මෙම කරුණු දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් රටේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම-සභාපතිවරයා ලෙසද කටයුතු කරන තමා, රටේ ප්‍රධාන විපක්ෂය ලෙස මෙම ගැටලු සම්බන්ධයෙන් වගකීම් සහගත හා නිර්මාණාත්මක මැදිහත්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බව පවසමින්, එම සංසදය සමඟ සම්බන්ධ වන ලෙස එහි සිටි විශේෂඥයින්ට ආරාධනා කළේය.

එල් නීනෝ තත්ත්වය සහ දකුණු දෝලනය (ENSO) ලෙස හැඳින්වෙන දේශගුණික චක්‍රය පිළිබඳ කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා, පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සහ වායුගෝලීය පීඩන වෙනස්වීම් හේතුවෙන් මෙම තත්ත්වයන් ඇතිවන බව පෙන්වා දුන්නේය.

මෙවැනි දේශගුණික වෙනස්කම් හේතුවෙන් නියඟ, ගංවතුර, උෂ්ණත්ව තරංග, ආහාර නිෂ්පාදනයේ අඩුවීම් සහ ජල හිඟය වැනි ගැටලු ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යාඥයන් විසින් මෙවර "සුපිරි එල් නීනෝ" තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බැවින්, 2026 හෝ 2027 වසරවලදී ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටම් කරා ඉහළ යා හැකි බවට අනාවැකි පළකර ඇති බව ද ඔහු පැවසීය.

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

මෙම අහිතකර කාලගුණ තත්ත්වය ගෝලීය ආහාර සුරක්ෂිතතාවට මෙන්ම ලෝක ජනතාවගේ කැලරි අවශ්‍යතාවයෙන් 60%ක් පමණ සපයන සහල්, තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා වැනි ප්‍රධාන භෝගවල නිෂ්පාදනය අඩාල වීමේ අවදානමක් පවතින බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එමඟින් ආහාර මිල ගණන් ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීමේ අවදානමක් ද පවතින බැවින්, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ප්‍රමාණවත් සූදානමක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මීගමුව බන්ධනාගාරය යුද පිටියක් වෙයි.. හමුදාව සහ STF එකවර කැඳවයි

මීගමුව බන්ධනාගාරය යුද පිටියක් වෙයි.. හමුදාව සහ STF එකවර කැඳවයි