අකුරේගොඩ ඝාතනය ගැන මෝටර් රථ රියැදුරුගෙන් විශේෂ පාපොච්චාරණයක්

Report

පසුගිය පෙබරවාරි 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මෝටර් රථ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු ඝාතනය පිළිබඳව පාපොච්චාරණයක් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් පළාගිය මෝටර් රථය පදවාගෙන ගිය මෙම රියැදුරු, මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලදිවයිනේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි මොහු බහරේන් සිට මාලදිවයිනට පැමිණ සිටියදී එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙරට විමර්ශන අංශ වෙත ඒ පිළිබඳව දැනුවත් කර තිබුණි.

අනතුරුව සැකකරු මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය. ඔහු ගාල්ල, බටපොළ‍, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ පාපොච්චාරණයක් සිදුකර ඇත.