ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැර ගත් නඩුවේ හිරුණිකාගේ ඇපෑලට දින නියම වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය අද දින නියම කර ඇත.
මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ අභියාචනා පෙත්සම අගෝස්තු මස 06 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළ බවයි.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් මීට පෙර බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබීය.
එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූවාය.