මුම්බායි නගරය කම්පා කල ඛේදවාචකයක් - නිවසක් කඩා වැටී ළමුන් 4ක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට
අධික වර්ෂාව හේතුවෙන් ඊයේ දින රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නගරයේ මැන්කුර්ඩ් ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව නිලධාරීන් පවසයි.
බෘහත් මුම්බායි මහ නගර සභාවට (BMC) අනුව, ජනතා නගර් චව්ල් ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක කොටසක් වූ නිවාස කිහිපයක් රාත්‍රී 8.30ට පමණ කඩා වැටී ඇති බව සඳහන් වේ.
සිද්ධියට ප්‍රතිචාර ලෙස මුම්බායි ගිනි නිවන හමුදාව, පොලිසිය, BMC වාට්ටු කාර්ය මණ්ඩලය සහ ගිලන්රථ සේවා වහාම ස්ථානයට යොදවා ඇති අතර, තුවාල ලැබූවන් බේරාගෙන රාජවාඩි රෝහල සහ ශතාබ්ඩි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
ශතාබ්ඩි රෝහල ලබා දුන් තොරතුරු අනුව, රෝහලට ගෙන ආ පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇත. ඔවුන් අතර වයස අවුරුදු 2 සිට 14 දක්වා ළමුන් හතර දෙනෙකු සහ 32 හැවිරිදි කාන්තාවක් සිටින බව වාර්තා වේ.
රාජවාඩි රෝහල සඳහන් කරන්නේ 24 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ තත්ත්වය ස්ථාවර බවයි.
මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් ශෝකය පළ කර ඇති අතර, රජය විපතට පත් පවුල් සමඟ සිටින බවද ප්‍රකාශ කර ඇත. මියගිය අයගේ ළඟම ඥාතීන් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක මූල්‍ය ආධාරයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.