කොළඹ සහ ගම්පහ ඩෙංගු රකුසා දරුණු වෙයි - දිස්ත්‍රික්ක පිටින් නිකුත් වූ අලුත්ම ඩෙංගු නිවේදනය මෙන්න

Report

කොළඹ සහ ගම්පහ ඩෙංගු රකුසා දරුණු වෙයි - දිස්ත්‍රික්ක පිටින් නිකුත් වූ අලුත්ම ඩෙංගු නිවේදනය මෙන්න වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවයි.

රෝගීන් ප්‍රදේශ අනුව විශ්ලේෂණය කිරීමේදී, බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 32,054ක් වන අතර එය සමස්ත රෝගීන්ගෙන් සියයට 52.50ක් වී තිබේ.

රෝගය උත්සන්න වේ රෝගීන් විශාල ප්‍රමාණයක් සමඟ රෝහල් ධාරිතාවය ඉක්මවයි

රෝගය උත්සන්න වේ රෝගීන් විශාල ප්‍රමාණයක් සමඟ රෝහල් ධාරිතාවය ඉක්මවයි

  ඒ වගේම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක්, සබරගමුව පළාතෙන් 5,237ක්, මධ්‍යම පළාතෙන් 4,823ක්, නැගෙනහිර පළාතෙන් 2,979ක් සහ වයඹ පළාතෙන් 2,778ක් වාර්තා වී තිබේ.

ඌව පළාතෙන් 1,550ක්, උතුරු මැද පළාතෙන් 1,013ක් සහ උතුරු පළාතෙන් 957ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති බවද එම ඒකකය පෙන්වා දෙයි. දිස්ත්‍රික් මට්ටමින් බලන විට, කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 12,445ක් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12,282ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 4,428ක් වාර්තා වේ. කළුතර (4,092), මහනුවර (3,802), රත්නපුර (3,588) සහ ගාල්ල (3,501) දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් 2,557ක්, හම්බන්තොටින් 1,745ක්, කෑගල්ලෙන් 1,649ක්, කුරුණෑගලින් 1,629ක්, මඩකලපුවෙන් 1,220ක් සහ පුත්තලමෙන් 1,149ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව, කල්මුණේ 784ක්, මොනරාගල 776ක්, බදුල්ල 774ක්, යාපනය 708ක්, කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය 678ක්, මාතලේ 656ක්, ත්‍රිකුණාමලය 563ක්, අනුරාධපුරය 531ක්, පොළොන්නරුව 482ක් සහ අම්පාර 412ක් ලෙස වාර්තා වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 365ක් වාර්තා වී ඇත. අඩුම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ වවුනියාව (94), මන්නාරම (64), කිලිනොච්චි (56) සහ මුලතිව් (35) දිස්ත්‍රික්කවලිනි.

රතු ලේබලයට ලොකු වෙනසක් -පැණිබීමවල සීනි සීමා කරමින් සෞඛ්‍ය ඇමතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රතු ලේබලයට ලොකු වෙනසක් -පැණිබීමවල සීනි සීමා කරමින් සෞඛ්‍ය ඇමතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

නවතම දත්ත අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.