මැලේසියානු ආහාර උළෙල ​විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ [PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් ආදම් (Badli Hisham Adam) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා "මැලේසියානු ආහාර උළෙලට" (Malaysian Food Festival) සහභාගී විය.

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම විශේෂ උත්සවය 2026 ජූලි 5 වන ඉරිදා දින පස්වරුවේදී පැවැත්වුණි.

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

කොළඹ ෂෙරටන් (Sheraton Colombo) හෝටලයේදී පැවැත්වුණු මෙම උත්සවය, මැලේසියානු කලාව, සංස්කෘතිය සහ විචිත්‍රවත් මැලේසියානු ආහාර සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන්ම වෙන් කර තිබුණි.

මැලේසියාවෙන් පැමිණි පළපුරුදු සූපවේදීන් විසින් මෙහි ආහාර පිළියෙළ කොට තිබූ අතර, මෙම උළෙල ප්‍රධාන වශයෙන්ම මැලේසියානු සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

GalleryGalleryGalleryGalleryGallery