මේ දේවල් ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් - විපක්ෂ නායක සජිත් පැහැදිලි කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ දේශගුණික විපර්යාස යනු හුදෙක් පරිසර ප්‍රශ්නයක් පමණක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් ලෙස සැලකිය යුතු බවයි.
දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු පැවසුවේ දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකයට, ආහාර හා ජල සුරක්ෂිතතාවයට, ජෛව විවිධත්වයට මෙන්ම ජන ජීවිතයට එල්ල වන සෘණාත්මක බලපෑම් සලකා බලන කල, ජාතික ආරක්ෂාව යන්න හමුදා ආරක්ෂාවට පමණක් සීමා නොවන බවයි.
ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි
ඔහු වැඩිදුරටත් පැවසුවේ භාණ්ඩ හා සේවා පිරිවැය ඉහළ යාම සහ ජල හිඟය වැනි අභියෝග හමුවේ මෙය රජයට පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් පක්ෂ පාට භේදයකින් තොරව ලක්ෂ 220ක් වන සමස්ත ජනතාවත්, පාර්ලිමේන්තුවත්, සිවිල් පුරවැසියනුත් එක්ව මෙම වගකීම ඉටුකළ යුතු බවත්ය.
මේ අතර විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, පරිසරය හා වනසතුන් පිළිබඳ දැනුම ග්‍රාමීය මට්ටමට ගෙනයාම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පරිසර සමාජ ගොඩනැගීමට පියවර ගත යුතු බවයි.
[0HLBXLV
රටේ පෙරහැර සංස්කෘතිය මෙන්ම අලි පරපුර ද ඉදිරි පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු අතර ඒ සඳහා වනාන්තරවලින් අලි ඇල්ලීම වෙනුවට, දැනට සිටින හීලෑ අලි ඇතුන්ගෙන් පැටවුන් බෝ කරගනිමින් විශේෂ අලි සංචිතයක් නිර්මාණය කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.