අඩනිරුවත් රැඟුමින් මුදල් උපයා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ විවාහ වූ සිනමා නිළිය (PHOTOS)
සයිරා අලි කියන්නේ කුණු ගහන අතීතයට සුවද විලවුන් එක් කරමින් ඇගේ ජීවිතය ගොඩනගා ගත් නිළියක්..සයිරා අලි 70 දශකයේ සුප්‍රසිද්ධ සිනමා නිළියක්. සයිරා අලි ඇගේ මව ෂර්දා රෝයි වන අතර පියාගේ නම ෂකීබ් අලි. ඇයට සහෝදර සහෝදරියන් 4 දෙනෙක් සිටියා. නමුත් ඇයගේ පියා ඇගේ මව හැර යන්නේ ඔවුන් කුඩා කායේදීමයි.
පියාගේ නමවත් අහන්නට අකමැති වූ ඇගේ මව දරුවන්ගේ නමට ඇති රායි කෑල්ල ඉවත් කර ඇගේ වාසගම වන රෝයි කෑල්ල එකතුකර ළමුන්ට අලුතින් නම් ලියාපදිංචි කරනවා ඉන් පසු රීනාට රූපා රෝයි ලෙසට නැවතත් නමක් ලැබෙනවා.රීනාගේ ජීවිතය ඛේදවාචකයන්ගෙන් පිරී ජීවිතයක්.
ඇය මුලදී සමාජ ශාලාවක වේටර්වරියක් ලෙස සේවයට බැදී තිබෙනවා පසුව ඇගේ නර්තන හැකියාව,මත සුරූපී රුවත් හේතුකොටගෙන පාරිබෝගිකයින් සැනසීම පිණිස අඩනිරුවත් දසුන් මවන නාට්‍යාංගනාවක් වනවා.එයින් ඇය නොනැවතී පුවත් පත්වලටද අඩනිරුවත් දසුන් සහිතව පෙනී සිටින්නේ සැලකිය යුතු ආදායමක් ඇයට ලැබෙන නිසාවෙන්.
පසුව ඇය සිනමාවට පිවිසෙන්නේ මේ ඡායාරූප නිසාවෙන්මයි. ඒ වනවිට ඇය රූපා නම ඉවත් කර රීනා නම ආරූඩ කරගන්නවා. ඇගේ මුල්ම රංගනය වූ "ජරූර්ට්" නම් කුළුඳුල් චිත්‍රපටයේ ඇයට සමීප දර්ශන කිහිපයක් ලබා දෙන්නට සිදුවන්නේ ඒ නිසාය. 1972 දී තිරගත වූ Zaroorat චිත්‍රපටියේ ද ඇයට සිදුවූවේ මේ අඩ නිරුවත් සමීප දර්ශන ලබා දීමටය.
නමුත් මෙම චිත්‍රපටයේ පටන් ඇය හැඳින්වූයේ 'Jarrort Girl' යනුවෙනි. 1976 ‘කාලිචරන්’ චිත්‍රපටයෙන් තරුවක් බවට පත් වූ ඇය. මෙම චිත්‍රපටයේ හමුවන Shatrughan Sinha හා සම්බන්ධයක් පවත්වනවා. එමෙන්ම 'නාගින්' (1976), 'ජානි-දුෂ්මන්' (1979), 'ආශා' (1980), 'නසීබ්' (1980), 'බඩල් කි ආග්' (1982), 'ප්‍යාසා සවන්' (1982), 'හත්කාරි' (1982) රීනා රෝයිගේ බොහෝ චිත්‍රපටවල ඔහු රඟපෑවා.
නමුත් රීනාගේ අතීත කතාව ගැන බියවූ Shatrughan ඇයව විවාහ කර ගන්නේ නෑ.. ඇය අනියම් ලෙස ඇසුරු කරමින් ඔහු විවාහ වන්නේ පූනාම් නම් නිළිය සමගිනුයි..පසුව මේ සම්බන්ධය රීනා විසින් නවතා දමනවා . 1989 වසරේ ඇය ජනප්‍රිය පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ Mohsin Khan සමග විවාහ වී සිනමා ගමනින් තරමක් දුරට ඈත්වීමට තීරණය කරනවා.. අද ඇය දියණියක් සිටින මවක් ලෙස අතීතයේ වූ අඳුරු මතක අමතක කර ජීවත් වනවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |