සජිත්ගේ කොන්ද නැතිකම ගැන සාගල රටටම කියයි

Report

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ “කොන්ද නැතිකම” ගැන ප්‍රකාශයක් කර ඇත.

සාගල රත්නායක සඳහන් කළේ,

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

“අපේ පාක්ෂිකයන්ට ඕනෑ වුණේ අපේ පක්ෂය නැවත ශක්තිමත් කිරීමයි. ඒ සඳහා අපෙන් වෙන් වූ සමගි ජන බලවේගය සමඟ එක්ව, එකම පක්ෂයක් ලෙස ‘අලිය’ ලකුණ යටතේ පක්ෂය එකතු කරන ලෙස ඉල්ලීමක් තිබුණා. එනම්, එම පක්ෂය තුළත් එකතු වීමට එකඟතාවක් තිබෙනවා. නමුත්, සෑම විටම මෙය එක තැනකදී හිර වෙනවා.

ඉදිරියට යන්න ඉඩ නොදෙන්නේ. ඒ අවට ඉන්න තවත් දෙතුන් දෙනෙකුට, එකතු වුවහොත් තමන්ගේ බලය අහිමි වෙයි යන බියක් තිබෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහතා චාමර සම්පත් මන්ත්‍රීතුමා වෙනුවෙන් කතා කළා යැයි කියමින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගෙනිච්චා. මේක නිවැරදිව කළ යුත්තේ විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය.

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

විපක්ෂ නායකතුමාගේ කොන්ද නැතිකමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා නොකිරීමත් නිසා, විශ්‍රාම ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙනුවෙන් කතා කළා යැයි කියමින් ඔහුව ඉදිරියට ගෙන ආවා. මම හිතන්නේ විපක්ෂ නායකතුමාටත්, ඔවුන් හැමෝටමත් රජය සමඟ ගනුදෙනු හෝ බියක් තිබෙනවා.”

මාතර පැවති ජන හමුවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මේ බව පැවසීය.