සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් - ඉන්දියාවෙන් සතියකට ලැබුණු තාගග
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට වැඩම කරනු ලබන සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් මෙවර ජාතික නිදහස් දිනයට සමගාමීව ලබන මස 04 වැනි දින සිට සතියක කාලයක් හුණුපිටිය ගංගාරාම විහාස්ථානයේ දී පවත්වන බවයි.
අමාත්‍යවරයා අද (17) මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක මේ බව දැනුම් දුන් අතර පසුගිය අප්‍රේල් මස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ජනපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී ඇත.
ඉන්දියාවේ සිට පෙරවරු 11.00 ට කටුනායක ගුවන් තොටුපොළට වැඩම කරන සර්වඥ ධාතූන් වහන්සේලා එදින පස්වරු 3.00 ට සිට ගංගාරාම විහාරස්ථානයේදී වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබෙන අතර පෙබරවාරි 04 වැනිදා සිට 11 දින දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට දැනුම් දී ඇත. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ද සහභාගි වී ඇත.