සචිත්‍රට තරඟ පාවාදීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By krishani
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට (SIU) නියෝග කර ඇත.
ඒ 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ය.
එසේ නියෝග කර ඇත්තේ “ක්‍රීඩා 2019 අංක 24ට අදාළ වැරදි වැළැක්වීමේ පනත"ට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින් ය.
කෙසේ වෙතත්, ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.
