මම දැන් විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා, ග්ලවුස් දාගෙන බත් කන්නේ නියපොතු සවුත්තු වෙන නිසයි-සචිනි අයේන්ද්‍රා (PHOTOS )

By Sithumi Mar 11, 2023 05:14 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍ර කියලා කියන්නේ. ඒ වගේම 2003 වසරේදී ලක් රූ රැජන වීමත් සමඟින් එම වසරේම ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ඇයට හිමිවූවාය.

ඒත් එක්කම ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඇය සංඛාරා, හාර්ට් එෆ් එම් ආදි චිත්‍රපට රැසකට මේ වෙද්දී රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මියුසික් වීඩියෝ හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාද නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රංගන ශිල්පිනියක් නොවුනානම් ව්‍යාපාරික කාන්තාවක් වෙයි කියලයි ඇය කියන්නේ. ඒත් ඇය මොනවගේ ක්ෂේත්‍රයක හිටියත් අනිවාර්යයයෙන්ම කලා ක්ෂේත්‍රයටම එයි කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය දැනටත් ව්‍යාපාර දෙකක් කරගෙන යනවාලු. මොකද ඇය කැමති ඇය දන්න දෙයක් කරලා ඉස්සරහට යන්න නිසා. ඒ වගේම ඇය ක්ෂේත්‍රයට එන්නේ මුලින්ම 2002 වසරේ.

ඒ නිරූපණ ශිල්පිනියක් විදියට. ඉතින් ඇය චිත්‍රපටියක් තෝරා ගනිද්දී ඒ චරිතය හොඳයි ද? ඒ චරිතයේ ඇයට කරන්න තියෙන්නේ මොනවද? ඇයට පෙනී සිටින්න තියෙන දර්ශන මොනවා ද? ඒවාගේ දේවල් සොයා බලලා තමයිලු ඇය ඒ චරිතය තෝරගන්නේ. උදාහරණයක් ගත්තොත් ලිංගික දර්ශන තියනවා නම් ඒවගේ සීමාව බලලා තමයිලු ඇය චරිතය තෝරා ගන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha