අනේ භාතිය ඇත් රජුගේ අද දින සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන කතාව

Report

පසුගිය දවසක දරුණු ලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් රෝගාතුර වු භාතිය නැමැති ඇත් රජු පිළිබඳව සමාජයේ බොහෝ දෙනා කම්පාවට පත්වුණා.ඔහුඔහුගේ රෝගී තත්ත්වය උස්සන්න වන අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඔහුට සුවය පතා බොහෝ දෙනා ඒකරාශි වුණා. ඒ අනුව මේ වන විට සුවහසක් ලාංකිකයන්ගේ එකම පැතුම ඇත් රජු සුව වීමයි.ඉතින් ඇත්රජු පිළිබඳව අද ඇසුණු අලුත්ම කතාව තමයි මේ කියන්න යන්නේ. භාතියගෙ සෞඛ්‍ය තත්වයේ පෙරට සාපේක්ෂ වර්ධනයක් ඇති බවට අදහස් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාවේ මියගිය ගණන 100 ඉක්මවයි

ඇමෙරිකාවේ මියගිය ගණන 100 ඉක්මවයි

ඒ අනුව භාතිය ඇත් රජුගේ ප්‍රතිකාර කටයුතු අද දින 3 වන වරටද අඛණ්ඩව ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ පශු වෛද්‍ය තරිදු මහතා විසින් සිදුකරනු ලබන අතර ඇත් රජුගේ සෞඛ්‍ය තත්වය පෙරට සාපේක්ෂව තරමක සුලු වර්ධන තත්ත්වයක් දැකිය හැකි බවට නිරීක්ෂණය වනු ඇත. භාතියගේ රුධිර පරීක්ෂණ වාර්තා වනුව පෝශණ වල මදි බවක් පෙන්වූ කර තිබූ බැවින් පෝශණීය සංඝටක සහිත ඖෂධ ඇතුට ලබාදීමට පසුගිය දින වල වෛද්‍ය තරිඳු මහතා පියවර ගෙන ඇත.

වෙනදාට සාපේක්ෂව තරමක ක්‍රියාකාරී තත්ත්වයක් ඇතු පෙන්වන අතර එය ධනාත්මක පැතිකඩකි. අද දිනද තවත් රුධිර සාම්පලයක් ගෙන ඇතුගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක් දංගොල්ල මහතා කටයුතු කරනු ඇත. එහිදී විශේශ අවධානය ඇතුගෙ ශරීර පෝශණ මට්ටම පිලිබදවයි.

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ජයසුන්දර මහතා ප්‍රමුඛ මහව වනජීවි නිලධාරීන් විසින් මුර දේවතාවුන් ලෙසින් එදා වගෙම ඊයේ රෑයද ඇතුට ආහර කැවීමට කටයුතු කොට ඇත. ජයසුන්දර මහතා ප්‍රමුඛ මහව වනජීවි නිලධාරීන්ටත් , මහාචාර්ය අශෝක් දංගොල්ල , වෛද්‍ය තරිදු මහතා, හමුදා නිලධාරීන් ඇතුලු සියලූම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු. භාතියට ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.