රුසියානු නීතිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට

Report

රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ව්ලැඩිමිරොවිච් (Alexander Vladimirovich) මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (25) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරය අතරතුර රුසියානු නීතිපතිවරයා අද (26) මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රුසියානු නීතිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර නීතිමය සහයෝගීතාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ හමුවක් ලෙස සැලකේ.

ඛේදවාචකයක් - තෙල් බවුසරයක් පෙරළී ගිනි ගනී - 31ක් ජීවිතක්ෂයට, මළසිරුරු හඳුනා ගැනීමට DNA පරීක්ෂණ

ඛේදවාචකයක් - තෙල් බවුසරයක් පෙරළී ගිනි ගනී - 31ක් ජීවිතක්ෂයට, මළසිරුරු හඳුනා ගැනීමට DNA පරීක්ෂණ

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

ලග්න පලාපල – නොවැම්බර් 26 අද දිනයේ

ලග්න පලාපල – නොවැම්බර් 26 අද දිනයේ