කටුනායක ගුවන්තොටුපොළේ රදවා තබාගෙන තිබෙන අර්බුදයක් වුන ගුවන්යානය..

Sri Lanka
By krishani Jun 05, 2022 04:16 AM GMT
krishani

krishani

Report

රුසියානු ඒරොෆ්ලොට් මගී ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළේ රඳවා ගැනීම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් සදහන් වන්නේ එම ගුවන්යානය සම්බන්ධයෙන් අධිකරණය මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

පසුගිය ජුනි 02 වනදා බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව එම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගතවීම තහනම් කර තිබුණු අතර  එම සිද්ධිය වාණිජමය ආරවුලක් සම්බන්ධයෙන් අයර්ලන්ත සමාගමක් විසින් ඒරෝෆ්ලොට් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join