ලෝක බලවතා රුසියාවෙන් ඉරානයට විශේෂිත ගුවන් යානා - ඇමරිකාවට එරෙහිව එන රුසියාව
රුසියාව විසින් සිය අතිවිශේෂිත ටියුපොලෙව් Tu-214PU ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යොමු කර ඇත.
පසුගිය ජූලි 13 වන දින මෙම විශේෂිත ගුවන් යානය (ලියාපදිංචි අංකය RA-64531) රුසියාවේ මොස්කව් නුවර සිට සෘජුවම ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් ගමන් දත්ත (Flightradar24) ඔස්සේ තහවුරු වී ඇත.
මෙය සාමාන්‍ය මගී ගුවන් යානයක් නොව, රුසියානු රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ මෙහෙයුම් පාලනය කිරීමට යොදා ගන්නා පියාසර විධාන මධ්‍යස්ථානයක් වන අතර ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්න වී තිබියදී මෙම සිදුවීම රුසියාව විසින් සිදුකර ඇත.