ලංකාවේ ඔයාටත් ජොබ් එකකට රුසියන් යන්න චාන්ස් එකක්
බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගියදා සඳහන් කළේ, රුසියාව සිය ශ්‍රම බළකා හිඟයට විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය දෙසට හැරී ඇති බවත් රුසියාව මුහුණදී ඇති ශ්‍රම බළකා හිඟයට යුක්රේන - රුසියා යුද්ධයද එක් හේතුවක් බවත් වාර්තා කළේය.
එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ,මෙම දශකය අවසන් වනවිට රුසියානු ආර්ථිකයට තවත් ශ්‍රමිකයන් ලක්ෂ 110 ක් අවශ්‍ය කර ඇතත් එම අඩුව පිරවීමට තරම් ප්‍රමාණවත් ශ්‍රම බළකායක් රුසියාව සතුව නොමැති බව සඳහන් කළේය.
පසුගිය වසරේදී පමණක් විදේශීය කම්කරුවන් 240,000 කට වැඩි ප්‍රමාණයක් සඳහා රුසියාව රැකියා බලපත්‍ර ලබාදී ඇති බවත් එය 2017 වසරෙන් පසුව ලබාදුන් වැඩිම රැකියා බලපත්‍ර ප්‍රමාණය බවත්ය.
රුසියානු නගර සභාවල රැකියා පුරප්පාඩු පිරවීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල ශ්‍රමිකයන් බඳවා ගැනීම රුසියාව ආරම්භ කර ඇති බවත් එම ශ්‍රමිකයන් රුසියානු නගරවල හිම ඉවත් කිරීම වැනි රැකියාවල නිරත වනු ඇති බවත් එම පුවත් සේවය වාර්තා කළේය.
එසේම රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, අවහන්හලවල සහ අනෙකුත් නාගරික රැකියා සඳහා විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීම රුසියාව ඉහළ දමා ඇතැයිද එම පුවත්සේවය පෙන්වා දෙයි.