සහන දෙන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්
ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 72. 5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද දින (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ වෙනුවෙන් රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද දින පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.