කරදර මැද ලංකාවට මුදල් කන්දක් - කවුද හිතුවේ මෙච්චර ගොඩක්
‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් දැනට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව තිබෙන බවයි.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළා.
මෙම මුදල් රටවල් 33කින් අදාළ ගිණුම්වලට ලැබී ඇත. සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දැන්වූ බවයි.
ඒ අනුව පෙරේදා (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණා.