ඩඩ්ලිත් නාගනී - මිලියන 70ක දඩයක් - ලෝකෙටම 25 කියලා රෝල්ස් රොයිස් ගැන කියපු බොරුත් එළි වෙයි
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද 'රෝල්ස් රොයිස් ෆැන්ටම්' (Rolls Royce Phantom) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයට ශ්‍රී ලංකා රේගුව මඟින් රුපියල් මිලියන 70ක දඩයක් පනවා ඇති බව economynext වාර්තා කර ඇත.
ඒ අනුව අඳාළ දඩය පැනවීමට හේතු වී ඇත්තේ රථයේ මාදිලිය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රකාශ කිරීම බව සඳහන්.
එමෙන්ම වටිනාකම සැඟවීම අදාළ ආනයනකරු විසින් මෙම රථය 'Rolls Royce Phantom Auto' මාදිලිය බවට ප්‍රකාශ කර තිබූ අතර, එහි වටිනාකම එක්සත් රාජධානියේ සියයට 20ක බදු ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 417,000ක් වශයෙන් දක්වා තිබුණා.
එහෙත් රේගු නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවන්හිදී හෙළි වී ඇත්තේ මෙම රථය 'Extended Wheel Base' (EWB) හෙවත් රෝද අතර පරතරය වැඩි සහ දිගින් වැඩි මාදිලියක් බවයි.
එමෙන්ම එවැනි රථයක සැබෑ වටිනාකම ස්ටර්ලින් පවුම් 479,000ක් පමණ වන බව ද නිලධාරීන් ප්‍රකාශ කරයි.
ඒ අනුව අඳාළ වැරදි ප්‍රකාශය හේතුවෙන් පනවන ලද රුපියල් මිලියන 70ක දඩය ද ඇතුළුව ආනයනකරුට රුපියල් මිලියන 370ක මුළු මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව සඳහන්.
ඊට අමතරව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිදුකළ සමාජ මාධ්‍ය සටහනක් නිසා මෙම රථය ලොව පුරා ඒකක 25ක් පමණක් නිෂ්පාදිත 'Centenary' මාදිලියේ රථයක් බවට ද මතයක් පැතිර ගොස් ඇති බව සඳහන්.
එසේ වුවත් මෙය 'Centenary' මාදිලියක් නොවන බවට රේගු නිලධාරීහු විශ්වාස කරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් යම් හෙයකින් මෙය එවැනි සීමිත මාදිලියක් බව තහවුරු වුවහොත්, එහි බදු මුදල පමණක් රුපියල් බිලියනය ඉක්මවා යනු ඇති බව ද සඳහන්.