වරාය අධිකාරියේ මෙවර ලාභයෙන් රු. බිලියන 5ක් භාණ්ඩාගාරයට

Report

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 5ක් (රු. කෝටි 500ක්) රජයේ ඒකාබද්ධ අරමුදලට ලබාදීමට තීරණය කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේදී රු. බිලියන 2ක් දැනටමත් ලබාදී ඇත. තවත් රු. බිලියන 3ක් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතය.

නව රජය බලයට පත්වීමෙන් පසු මෙම වසරේ ඔක්තෝබර් 31 වැනිදා වන විට වරාය අධිකාරියේ බදු පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 39ක් දක්වා ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 12ක වර්ධනයක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි

2024 වසර දක්වා පෙර දශකය තුළදී වරාය අධිකාරිය ඒකාබද්ධ අරමුදලට ලබාදුන් මුළු මුදල රුපියල් බිලියන 10.3ක් පමණ වන අතර, මෙවර රු. බිලියන 5ක් ලබාදීමෙන් එය ඉතිහාසයේ එක් වසරකට වැඩිම දායකත්වය ලෙස සටහන් වේ.

මෙම මුදල් රජයේ මූල්‍ය හිඟය අඩුකිරීමට හා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සෘජුව බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.

දිවයින වටා අඩු පීඩන කලාප 2ක් - ඉදිරි දින 5 තුළ හදිසි ගංවතුර අවදානමක්

දිවයින වටා අඩු පීඩන කලාප 2ක් - ඉදිරි දින 5 තුළ හදිසි ගංවතුර අවදානමක්