රොනාල්ඩෝට ජාත්‍යන්තර පිටියේ පළමු රතු කාඩ්පත
යුරෝපා කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමඟ පැවති තරගයේදී පෘතුගීසි සුපිරි තරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලැබී තරගයෙන් ඉවත් කෙරුණි. මෙය ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයේ පළමු රතු කාඩ්පතයි.
අයර්ලන්තයේ ඩබ්ලින්හිදී ඊයේ (13) පැවති තරගයේ 61වැනි මිනිත්තුවේදී දඬුවම් කොටුව තුළ අයර්ලන්ත ක්‍රීඩකයෙකුට වැලමිටෙන් පහරදීම නිසා මෙම සිදුවීම සිදුවිය. විනිසුරුවරයා මුලින් කහ කාඩ්පතක් පෙන්වූ අතර, VAR පරීක්ෂාවෙන් පසු එය රතු කාඩ්පතට උත්සන්න කෙරිණි.
ජාත්‍යන්තර නීති අනුව රතු කාඩ්පත සමඟ තරග තුනක තහනමක් පනවා ඇත. පෘතුගාලයට තවත් එක් ලෝක කුසලාන සුදුසුකම් තරගයක් ඉතිරිව ඇති අතර, 2026 ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලැබුවහොත් රොනාල්ඩෝට මූලික වටයේ පළමු තරග දෙක අහිමි වනු ඇත.