හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අධිකරණයට

Sri Lanka Police Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 01, 2025 12:36 PM GMT
Ashfa

Ashfa

Report

2006 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් ලන්ඩනයේ පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වීම සදහා වූ හෝටල් ගාස්තු සහ අනෙකුත් වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් භාණ්ඩාගාර නීති රීති වලට පටහැනිව ගෙවීමට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීමක් සිදුකළ බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර තිබේ.

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවත්, එනිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීමක්ද සිදු කර ඇත.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා, නඩුව ඔක්තෝබර් 30 වනදා කැඳවා, විත්තිකරු නොමැතිවද නඩුව විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.

ReeCha