මහ දවල් රත්තරං කොල්ලකෑ මංකොල්ලය.(VIDEO)..දුවන දිවිල්ලක හැටි...

Police
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Report

ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළක රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා. රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි එක් අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළාගොස් තිබුණා. කොල්ලය සිදුකරන ආකාරය වෙළෙඳසැළ තුළ සහ පිටත සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණා. එලෙස කොල්ලකා ඇති රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව වාර්තා වන්නේ.