හෝමාගම ටවුමේ මහ දවාලේ සිදු වූ රන් භාණ්ඩ කොල්ලය. - (VIDEO)

Sri Lanka Police
By Wayomi May 10, 2024 12:09 PM GMT
Wayomi

Wayomi

Report

අද (10) පෙරවරු 11.45ට පමණ හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔවුන් දෙදෙනා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මඳ වේලාවක් එහි රැඳී සිටින අතර, පසුව එක් අයෙක් අලෙවිසැලේ සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා තිබෙනවා.

මුදලින් රුපියල් ලක්ෂ 3ක්, මුදු 36ක් හා පෙන්ඩන්ට් 48ක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බව ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවකයින් පවසනවා.

කොල්ලකරුවන් පිටව යාමත් සමඟ අලෙවිසැලේ සේවකයෙක් හදිසි අසනීප තත්ත්වයකට ලක්වන ආකාරයත් CCTV කැමරාවේ සටහන්ව තිබිණි.

කොල්ලකරුවන් රැගෙන ගිය රන් මුදු හා පෙන්ඩන්ට් මාර්ගයේ වැටී තිබියදී ඒ අසලින් ගමන් ගත් පිරිස් ඒවා යළි අලෙවිසැල වෙත ගෙනැවිත් දුන අයුරුද එම CCTV දර්ශනවල දක්නට ලැබුණු අතර හෝමාගම පොලිසියේ නිලධාරීන් වහාම එහි පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල අංක තහඩු ව්‍යාජ බව හෙළි වී ඇති අතර එහිදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙක් අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්,