රියදුරන්ට දැනුම්දීමක් - මේ ගැනත් දැනුවත් ද?.
Nuwara Eliya
Sri Lanka
Weather
By krishani
මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් පවතියි.
ඒ හේතුවෙන් කඳුකරයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේ දී දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පවතින වර්ෂාව හා කඳුකර මාර්ගවල නිරන්තරයෙන් ඇති වන දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් රථ වාහන ධාවනයේ දී කඳුකරයේ මාර්ගයන් පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව පරික්ෂාකාරීව සිදු කළ යුතු බවයි.
කඳුකරයේ මාර්ගවලට නිරන්තරයෙන් ගස්, ගල් හා පස් කඳු කඩා වැටීම් සිදු වේ.
එමෙන්ම බොහෝ අවස්ථාවල පවතින දැඩි මීදුම හේතුවෙන් මාර්ගය නිසි ලෙස දර්ශණය නොවන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රථ වාහන ධාවනය කල යුතු බව ඔහු කියා සිටියේ ය.
