හදිසියේ විවාහ වෙලා පස්සේ දික්කසාද වෙන්න මට බෑ-ජනප්‍රිය සුරූපී නිලි රිතූ ආකර්ශා ( PHOTOS)

actress sri lanka gossip Rithu akarsha Sri lankan actress
By Sithumi Dec 17, 2021 03:04 PM GMT
Sithumi

Sithumi

Report

උතුම් පැතුම් ටෙලි නාට්‍ය හරහා ගොඩක් දෙනා හඳුනා ගත්ත චරිතයක් විදියට රිතූ ආකර්ශා කියන රංගන ශිල්පිනිය අපට හඳුනාගන්නට පුළුවන්. ඒත් සමගම කාලයක් ඇය රූපරචනා ඔස්සේ ද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියා.

ඒ රූප රචනාවලට රංගන දායකත්වය ලබාදීම හේතුවෙන් ඇයට එක දිගට රූප රචනා සඳහා පෙනී සිටීමට අවස්ථාව සැලසෙනවා. ඇය ගැන තමයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ. මේ දිනවල ඇය හිරු නාලිකාවේ මහවිරු පණ්ඬු නාට්‍ය ඔස්සේ අපූරු චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා. රංගන ශිල්පිනියක් මෙන්ම දැන් නිවේදිකාවක ලෙසද ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඒ හිරු නාලිකාවේ විකාශනය වන විනෝදාත්මක වැඩසටහනක් ලෙස සලකන්නට පුළුවන් ජල්ලි ජකිරි කියන වැඩ සටහනේ මෙහෙයවීමේ කටයුතු භාරවීම නිසා. ඉතින් මේ ඔස්සේ ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නට හැකියාව ලබා ගෙන තිබෙනවා. ඒත් එක්කම ගොඩක් දෙනා ඇය නපුරු චරිතයක් විදියට අදහස් කරන්නට පෙලඹිලා තිබෙනවා. නමුත් ඇය කියන දෙයක් තමයි ඇය නපුරු වී තිබෙන්නේ උතුම් පැතුම් නාට්‍යයේ චරිතයට පමණයි.

ඉතින් ගොඩක් දෙනා මේ නාට්‍ය වැළඳගත් නිසාවෙන් නපුරු චරිතයක් විදිහට ඇත්තටම හදුනාගෙන තිබෙනවා කියන කාරණාවන් මතක් කරනවා. නමුත් ඇය සැබෑ ජීවිතේම නපුරු චරිතයක් නෙවෙයි කියලයි ඇය සඳහන් කරන්නේ. අද වෙන විට දක්ෂ තරුණ පරපුරේ අය ක්ෂේත්‍රයට පැමිණියත් ක්ෂේත්‍රයේ රැඳී නොසිටීම හේතු කාරණාවක් විදියට ඇය සඳහන් කරන්නේ මේ සියලු දේවල් කරන්නේ මාධ්‍ය විසින් කියන කාරණාව.

ඉතින් ගොඩක් දක්ෂ ලස්සන තරුණයන් ක්ෂේත්‍රයට ආවත් ඔවුන්ට ක්ෂේත්‍රයේ පවතින්න ලැබෙන්නේ නැති කාරණාව ඇයටත් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා කියනවා දේ තමයි කියන්නේ. ඉතින් ඇය මේ වන විටත් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. ආදරේ ගැන මොකද හිතන්නේ කියන ප්‍රශ්නයේදී ඇය පළ කර දීලා තිබෙන්නේ.

ආදරේ ගැන ජීවිතේ එක එක කාලවලදී හිතෙන්නේ වෙනස් විදිහට. ආදරේ විදින විදිහත් සමගින් ආදරේ ගැන හිතන විදිහත් වෙනස් වෙනවා. මම ආදරය හරියට විඳින්න නොලැබුණු කෙනෙක්. ජීවිතය අපට ඕනේ ඕනේ වෙලාවට අවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් සිද්ධ වෙයි කියලා මම හිතනවා. මම කැමැති නෑ වයස යන නිසාවත් අනෙක් අය විවාහ වෙන්න කියලා කියන නිසාවත් හදිසියේ විවාහ වෙලා පස්සේ දික්කසාද වෙන්න. කියලා තමයි ඇය සඳහන් කර තිබෙන්නේ.

කොහොම නමුත් ඉතින් රිතු ආකර්ෂා කියලා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් කියන කාරණාව අනිවාර්යෙන් පැවැසිය යුතුයි. මොකද ඇය සීමිත චරිත ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දුන්නත් ඒ සියලු චරිත තළින් ඇය ප්‍රේක්ෂක ජනතාව වෙත බොහොම අපූරුවට සමීප වුණා.ඒ නිසාම තමයි ඇය රංගන දායකත්වය ලබා දුන් හැම චරිතයක් තුළින් ම ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ. ඉතින් ඇයගේ ඉදිරි අනාගත රංගන ජීවිතයේ කටයුතුත් පෞද්ගලික ජීවිතේ කරුණුකාරණාත් සාර්ථක කරගන්නට සුබපැතුම් එකතු කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha