බෝවන රෝග පැතිරීමේ අවදානමක්.

Sri Lanka Hospitals in Sri Lanka Weather Water
By Hashini Oct 09, 2023 07:56 AM GMT
Hashini

Hashini

Report

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව පවසනවා.

පානිය ජල මුලාශ්‍ර වලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකර නිවාගත් ජලය පානය කිරීම ඉතා සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසුරිය මහතා පවසන්නේ.

වෛද්‍ය ජී.විජේසූරිය පවසන්නේ පළාවර්ග, අමු එළවලු, පලතුරු ආදිය ආහාරයට ගැනීමේදී ද සැලකිලිමත් විය යුතු බවයි.

ආහාර ගැනීමේදී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැළඳිය හැකි බවද එතුමා පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා අවධාරණය ආරක්‍ෂිත කඳවුරුවලට සිටින පිරිස් අතර පැපොල, ඇස් ලෙඩ, ශ්වසන රෝග ආදී රෝග පැතිරිය හැකි බැවින් රෝග ලක්ෂණ මතු වූ වහා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි. 


ReeCha