මෙරට ප්‍රධාන රෝහලකින් විශේෂ දැනුම්දීමක්..

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Weather National Health Service
By Aruna Aug 08, 2023 06:13 AM GMT
Aruna

Aruna

Report

දරුවන්ට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් රෝහල සතුව පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

රෝහල් තුළ ඉන්සියුලින් නොමැති බවට මේ දිනවල පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අද (08) උදෑසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජී. විජේසූරිය මහතා,

"රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තියෙනවා.

ඒ වගේම සායනවලට පැමිණෙන දරුවන්ටත් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ලබාදීමේ හැකියාව තියෙනවා.

දිවයිනේ යම් රෝහලකට දරුවන්ට ලබාදෙන ඉන්සියුලින්වල යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට එය ලබාදීමට හැකියාව තියෙනවා.

වෙනත් රෝහල්වලටත් ඉන්සියුලින් යැවීමේ හැකියාවක් තියෙනවා.

ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබේ දරුවාට ඉන්සියුලින් ලබාදීමට අවශ්‍ය නම් කිසිදු පැකිලීමකින් තොරව රෝහලට පැමිණෙන්න.

අපිට ඔබේ දරුවාට ඉන්සියුලින් ලබාදෙන්න පුළුවන්."

මේ අතර පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනය තත්ත්වයට පත්වීමේ වැඩි හැකියාවක් ඇති බව ද වෛද්‍ය ජී. විජේසූරිය මහතා අවධාරණය කළා.

එවැනි තත්ත්වයක් මඟහරවා ගැනීම සඳහා දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, පාසල් දරුවන් මේ දිනවල හැකිතාක් ක්‍රීඩා කටයුතුවලට යොමුවීම අවම කර ගැනීමට කටයුතු කරන්නේ නම් යෝග්‍ය බවත් දහවල් 12 - 2ත් අතර කාලයේ හිරු එළියට නිරාවරණය වීම සුදුසු නොමැති බවත් කියා සිටියා.

විජලන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හැකිතාක් ජලය පානය කිරීම මෙන්ම ස්වභාවික පලතුරු යුෂ පානය කිරීම ද සුදුසු බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ReeCha