සහල් කිලෝවක මිල 300කින් ඉහළට... ?

By Sithumi Jan 06, 2022 02:03 PM GMT
Sithumi

Sithumi

Report

පවතින පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යාහැකි බවට වාර්තා පළවෙයි. පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඒ බව සඳහන් කරයි

. එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා,

"ලබන මාසේ අන්තිම වෙද්දි ලංකාව ඇතුළේ විශාල සහල් හිඟයක් ඇතිවෙන්න පුළුවන්. පෝලිම් ඇතිවෙන්න පුළුවන්. ආණ්ඩුව කියනවා ගොවියට වී කිලෝවකට රුපියල් 75ක් දෙනවා කියලා. ආණ්ඩුවට වී මිලදී ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා අපි හිතන්නේ නෑ. මොකද මේ වෙද්දි පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 95ට මිලදී ගන්නවා. හාල් කිලෝවක් රුපියල් 300ක් දක්වාත් යන්න පුළුවන්."

මේ අතර නිසි කලට රසායනික පොහොර නොලැබීම හේතුවෙන් සිය වගාවන් කහ පැහැයට හැරෙමින් පවතින බවට ගොවීන් තවදුරටත් චෝදනා කරමින් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now