සහල් අඩුමිලට - ඒ අස්සේ කිලෝවක් සඳහා රුපියල් 140ක සහතික මිලක්?

By Wayomi Jan 20, 2025 05:15 AM GMT
Report

ඉදිරියේ දී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබා දීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එහි සභාපති යූ.කේ සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති පසුබිමක රජය තවමත් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකිරීම හමුවේ තමන් ගැටලු‍ රැසකට මුහුණපා ඇති බව ගොවීන් චෝදනා කරනවා.

ඒ, අනුව ගොවීන් අවධාරණය කරන්නේ මහ කන්නයේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක සහතික මිලක් අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බවයි.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ හුලන්නුගේ ,ලාහුගල, සෙන්ගමුව යන ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ගොවීන් සඳහන් කරන්නේ.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.

සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.


You May Like This Video