'Rebuilding Sri Lanka'අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

Report

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනපරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286කට අධික මුදලක් ලැබී ඇත.

එම මුදලින් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ලැබී ඇති අතර, ඉතිරි මුදල් විදේශ මුදල් ලෙස ඍජු තැන්පතු මගින් අරමුදලට එකතු වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ලංකාවට තවත් අසුබ පණිවුඩයක් - අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ලංකාවට තවත් අසුබ පණිවුඩයක් - අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ලැබුණු සමස්ත ආධාර මුදලේ ඩොලර් වටිනාකම ඩොලර් මිලියන 13.8 ඉක්මවා ඇති අතර, ඒ අතරින් විදේශ මුදල් ලෙස පමණක් ලැබී ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 6කට වැඩි බවද සූරියප්පෙරුම මහතා පැවසීය.

උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය සහ කොරියාව ඇතුළු රටවල් 43කින් මෙම ආධාර මුදල් ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි