බන්ධනාගාර ගත ප්‍රබල අපරාධකරුවෙකුගෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්ට ඇමතුමක් - CID විමර්ශනයක්
බූස්ස බන්ධනාගාරය තුළ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව අදාළ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් බූස්ස බන්ධනාගාරයේ සිදුකළ මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ තිබූ ජංගම දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන තිබුණා.
එහිදී අත්අඩංගුවට ගත් දුරකතන සම්බන්ධයෙන් සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී එක් දුරකතන අංකයක් අදාළ මන්ත්‍රීවරයාගේ ලිපිනයට ලියාපදිංචි වී ඇති බව හෙළි වුණා.
එම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනවලදී ප්‍රබල අපරාධකරුවකු සහ මෙම දේශපාලනඥයා අතර තෙවන පාර්ශවයක් මාර්ගයෙන් සන්නිවේදන සබඳතා පවත්වා තිබෙන බව අනාවරණය වී ඇත.
එමෙන්ම අපරාධ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව සඳහන්.