උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා සිසු අදහස් විමසයි
ඊයේ (18) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නියෝජිතයන්ගේ යෝජනා හා අදහස් ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් පවත්වා ඇත.
මෙම වැඩසටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ජාතික අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ගෝලීය තාක්ෂණික, දේශපාලනික, සමාජ හා ආර්ථික ක්ෂේත්‍රවල ශීඝ්‍ර වෙනස්කම් වලට ගැළපෙන, අනාගත අභියෝගයන්ට විසඳුම් සොයා ගත හැකි නිපුණතා සහිත මානව සම්පත් නිර්මාණය කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බවයි.
විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරන ශිෂ්‍ය නියෝජිතයන් බොහෝ ප්‍රමාණයක් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියට අදාළව සහ අවධානය යොමු කළ යුතු වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් පළ කළ බව වැඩිදුරටත් වාර්තා වේ.